Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd June 2022 14:25:44 Hours

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක බ්‍රහස්පතින්දා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුව අතරතුර, රියර් අද්මිරාල් අනුර ඒකනායක විසින් නව යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව වෙරළාරක්‍ෂක භටපිරිස්හී කාර්යභාරයන් මෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් සැලසුම් කර ඇති ඉදිරි ව්‍යාපෘති පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලදී. එමෙන්ම, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන්, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන වෙරළ ආරක්‍ෂක කාර්යභාරයන් ඇගයීමට ලක්කළ අතර, ඒ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට ද සහතික විය.

මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.