Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2022 21:04:30 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ඒකකයෙන් රෝගී දියණියන් දෙදෙනෙකුට වෛද්‍ය ආධාර

ගැමුණු හේවා බලකායේ සාමාජිකයෙකුගේ රෝගී දියණියන් දෙදෙනෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා මාසිකව රුපියල් 5000/= බැගින් වසරක කාලයක් වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ගීතා අතුකෝරාළ මහත්මිය ප්‍රමුඛ ගැමුණු හේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සිය දායකත්වය ලබාදුන්හ.

ඒ අනුව, ගීතා අතුකෝරාළ මහත්මිය ඇතුලු ගැමුණු හේවා බලකායේ සාමාජිකාවන් 2022 ජනවාරි මස 04 දින එම යුද්ධ හමුදා සාමාජිකයාගේ නිවසට ගොස් පළමු මස වාරිකය සහ අත්‍යවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය කිහිපයක් ද ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදී.

තවද, එම පවුලේ සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් 20,000/= ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සලයක් ද ඔවුන් වෙත පරිත්‍යාග කළහ.