Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2022 21:04:40 Hours

තෛපොංගල් උත්සවය සැමරීම සඳහා 52 සහ 55 වන සේනාංකවල බැතිබර දායකත්වය

තෛපොංගල් උත්සවය සමරමින් සෙල්ව සන්නදී කෝවිලේ ප්‍රධාන පූජාව එදින උදෑසන 521 වන බලසේනා මූලස්ථානය සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දායකත්වයෙන් පැවැත්විණි.

මෙම පූජාව සාර්ථකව සිදුකරගැනීම සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සමන්ත වික්‍රමසේන, 521 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මහේන් සල්වතුර හා 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිශ්ශංක සමරදිවාකර, 521 වන බලසේනාවේ නිලධාරින් සහ සෙසු නිලයින් සිය දායකත්වය දැක්වූහ.

මෙම උත්සවය පැවැත්වීමට ප්‍රථම භටපිරිස් විසින් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය ලබාදුන් අතර මෙම පුණ්‍යෝත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් බැතිමතුන් වෙත දිවා ආහාර පාර්සල් 150 ක් ද බෙදාදුන්හ.

එමෙන්ම, වල්ලිපුරම් අල්වාර් කෝවිල් පරිශ්‍රයේදී 2022 ජනවාරි මස 14 දින පැවති තෛපොංගල් උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා 551 වන බලසේනාවේ භටපිරිස් වල්ලිපුරම් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් වෙත සිය සහයෝගය දැක්වූහ.

එම තෛපොංගල් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න සහභාගී වූවේය. මෙම උත්සව අවස්ථාව සඳහා 551 සහ 553 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ වල්ලිපුරම් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ද එක්වූහ.

මෙම උත්සවය වර්ණවත් කරමින් කෝවිල් පරිශ්‍රයේ කෝලම් ඇඳීමට සහයෝගය ලබාදුන් බැතිමතුන් වෙත බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න විසින් ත්‍යාග ප්‍රදානයක් ද සිදුකළේය. එමෙන්ම, තෛපොංගල් උත්සවය සඳහා සහභාගී වූ බැතිමතුන්ට ආශිර්වාද එක්කරමින් ‘පොංගල් බත්’ බෙදාදීමේ අවස්ථාවට ද එතුමන් එක්විය.