Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2021 10:00:00 Hours

‘සඳ හිරු සෑය’ චෙත්‍යයේ තැන්පත් කිරීමට නියමිත කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති ඇතුළු භටපිරිස් වැඳපුදාගනී

සඳහිරු සෑ චෙත්‍යරාජයාණන් වහන්සේගේ පැළදවීමට නියමිත කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය රැගත් රථ පෙරහැර ඔක්තෝම්බර් මස 16 දින සිට 21 දින දක්වා නැනෙහිර පළාතේ විහාරස්ථාන 10 ක් ආවරණය වන පරිදි වීදි සංචාරය කළහ.

ඒ අනුව, කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය රැගත් රථ පෙරහැර දීඝවාපි රජමහා විහාරය, මහාවාපි විහාරය, බොල්ලෑගම රජමහා විහාරය, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, සෝමාවතිය රජමහා විහාරය, මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානය, වේළුන්න රජමහා විහාරය, සේරුවාවිල රජමහා විහාරය, ශ්‍රී ජයසුමනාරාම මහා විහාරය, ත්‍රිකුණාමලය මහා විහාරය සහ වෙල්ගම්වෙහෙර රජමහා විහාරය ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ දින 08 කට අධික කාලයක් බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා වීදි සංචාරය කළහ.

කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය රැගත් රථ පෙරහැර සෝමාවතිය පුදබිම වෙත වැඩම කර පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා එම විහාරයේ තැන්පත් කර තිබු අතර එහිදි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ද කොත්වහන්සේ සහ චූඩාමානික්‍ය වැඳපුදා ගත්හ.

මෙම අවස්ථාව සඳහා 22,23 සහ 24 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් ද සහභාගී වූහ.