Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2021 15:00:16 Hours

යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව මුලතිව් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ඉදිකල තවත් නිවාස දෙකක් විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයට සමගාමීව, සුගන්දිපුරම් ප්‍රදේශයේ පදිංචි රාගන් තම්බිරාසා මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ඉදිකල නව නිවස ඉකුත් බදාදා (13) දින ආරක්‍ෂක සේනා ආඥාපති මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කෙරිණි.

681 වන බලසේනාවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි මුල්‍යමය අනුග්‍රහයකත්වය ඇතිව 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය එම ඒකකයේ භටපිරිස් විසින් ලබාදුන්හ.

එසේම, තේව්පුරම් ප්‍රදේශයේ පදිංචි ආර් ගඟනේෂ්වරී මහත්මියගේ අසරණ පවුල වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව නිවස ඉකුත් බදාදා (13) දින පැවැති උත්සවයකදී නිවාසලාභින් වෙත භාරදුන්හ.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස ඉදිකරදීමේ ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව ආරක්‍ෂක ‍මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දිවයින පුරා සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන මට්ටමින් නිවාස ඉදිකිරීමේ සුබසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, මෙම නිවාස දෙක ඉදිකිරීමේ ව්‍යාපෘතිය 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාවට නැංවිණි. නිවාසලාභින් අත්විදින දුක්ඛිත තත්ත්වය පිළිබඳ අවධානය යොමුකල 681 වන බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවාස දෙක ඉදිකරන ලදී.

නව නිවාස ප්‍රතිලාභින් වෙත භාරදීමේ අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් ග්‍රාම නිලධාරින්, ප්‍රදේශයේ සංවර්ධන නිලධාරින් සහ නිවාසලාභින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.