Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2021 15:15:16 Hours

යුද්ධ හමුදා භටපිරිස් නීතිවිරෝධි කහ සමඟින් සැකකරුවන් අත්අඩංගුවට ගනී

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් ඉරිදා (24) දින වවුනියාව, කුංචිකුලම් මාර්ග බාධකයේදී සිදුකල සෝදීසි කිරිමකදී නීතිවිරෝධි ලෙස ජාවාරම් කළ කහ කිලෝග්‍රෑම් 1200 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

රුපියල් මිලියන 7.2 කට අධික වටිනාකමින් යුත් ජාවාරම් කළ කහ තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද්ධ හමුදා භටපිරිස් සමත්වූ අතර එම අත්අඩංගුවත් ගත් සැකකරුවන් සහ මෝටර් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩු පොලිස් ස්ථානය වෙත භාරදීමට යුද්ධ හමුදා භටපිරිස් කටයුතු කළහ.

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධි කටයුතු වැළැක්වීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව පසුගිය දින කිහිපය තුළ මන්නාරම සහ තවත් ප්‍රදේශවලින් මත්ද්‍රව්‍ය, කහ ඇතුලු තවත් නීතිවිරෝධී ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිණි.