Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th October 2021 22:35:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්, රුසියාවේදී උණුසුම් අයුරින් පිළිගනී

රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මොස්කව් නුවරට සම්ප්‍රාප්ත විය.

එහිදී, ද්විපාර්ශවික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඉකුත් සෙනසුරාදා (23) දින මොස්කව් නුවරට සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්, රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, අමාත්‍ය උපදේශකවරුන් සහ රුසියානු හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ රැඳී සිටින කාලය තුළ ‘Unknown Soldier’ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමට සහ රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

එසේම, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ රැදීසිටින කාලය තුල මොස්කව් පිහිටි ‘Higher Combined Arms Command School’ හි සේනාංවිධායක මේජර් ජෙනරාල් රෝමන් බින්යුකොව් (Major General Roman Binyukov), නාරෝ-ෆොමින්ස්ක් (Naro-Fominsk) ප්‍රදේශයේ පිහිටි 4 වන Guards Tank Division හි සේනාංකාධිපති සහ මිහයිලොව්ස්කායා (Mikhailovskaya) පිහිටි ‘Military Artillery Academy’ හි සේනාවිධායක ද හමුවීමට නියමිතය. තවද, මොස්කව් නුවර පිහිටි අවි ආයුධ කෞතුකාගාරය ඇතුළු හමුදා සහ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹිමට ද නියමිතව ඇත.‍