Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2021 17:48:01 Hours

ජර්මන් තානාපති කාර්යාලයේ හමුදා උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවට අනුයුක්ත කරනු ලැබු නවදිල්ලියේ ස්ථාපිත ජර්මන් සමූහාණ්ඩු ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කපිතන් ජෙරල්ඩ් කෝච් (Captain Gerald Koch) ඇතුළු නියෝජිත පිරිස සඳුදා (04) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්චෝ මහතා (Mr Olaf Malchow), නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ජෑන් සිහාර් (Lieutenant Colonel Jan Cihar) සහ දේශපාලන හා සන්ධාණ නිලධාරිනි ධරිණි දළුවත්ත මහත්මිය මෙම නියෝජිත පිරිස අතර විය.

මෙම සුහද හමුව අතරතුරදී, ජර්මන් තානාපති කාර්යාලය විසින් වසර ගණනාවක් තිස්සේ දෙරට අතර පවත්නා ද්විපාර්ශවික සහයෝගීතාව සහ අවබෝධය පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

එසේම, කොවිඩ්-19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා යුද්ධ හමුදාව දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාව අතරතුරදී දෙරට හමුදාවන් අතර පවත්නා සහයෝගීතාව සහ තාක්‍ෂණික දැනුම හුවමාරු කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවට අනුයුක්ත කරනු ලැබු නවදිල්ලියේ ස්ථාපිත ජර්මන් සමූහාණ්ඩු ජනරජ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක කපිතන් ජෙරල්ඩ් කෝච් (Captain Gerald Koch) වෙත සිය ස්තූතිය පුද කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීය. මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.