Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st October 2021 13:59:48 Hours

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සිකුරාදා (01) දින උදෑසනය යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි අතර පැවැති මෙම සුහද හමුවේදී, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකල සේවය පැසසුමට ලක් කළේය. මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවු කිර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

54 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර 2021 ජූලි මස 30 දින සිට යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස රාජකාරි කරන ලදී.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය මෙහිදි පුද කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නුඳුරේදි විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරී අතර විශේෂ සමරුතිළිණ හුවමාරුවක් ද සිදු වූහ.