Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2021 10:07:24 Hours

11 වන සේනාංකයේ මුලිකත්වයෙන් ස්ථාපිත කළ නව කොරෝනා වාට්ටුව සෞඛ්‍ය බලධාරීන්ගේ පැසසුමට

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාරි සිදුකිරීම සඳහා මහනුවර ශික්‍ෂණ රෝහල් පරිශ්‍රයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සති කිහිපයක් තුළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී.

මහනුවර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචර දක්වමින්, ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංක මුලස්ථානයේ භටපිරිස් ඒ සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

මහනුවර ශීක්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය විසින් පසුගියදා රෝහල් පරිශ්‍රයට පැමිණි 11 වන සේනාංකයේ සේනාංකාධිපති මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා රෝහල් පරිශ්‍රයේ අර්ධ වශයෙන් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 11 වන සේනාංකයේ භටපිරිස් විසින් කඩිනමින් අවසන් කරන ලදී.

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේ කර්යභාරයේ පෙරමුණ ගෙන කටයුතු කරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත ලබාදුන් උපදෙස් මත ස්ථාපනය කරන ලද මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇඳන් 50 ක් ද ප්‍රමුඛත්වයක් මත ලබාදෙන ලදී.

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ස්ථාපනය කළ නව වාට්ටු සංකීර්ණය රෝහල් බලධාරින් වෙත භාරදීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (25) දින සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමන් සහ රෝහල් අධ්‍යක්‍ෂ ද එක්ව සිටියහ.

එහිදී, යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබු දායකත්වය පැසසුමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමිණි. එම සමරු තිළිණය 11 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ඉදිකිරිම් කටයුතු භාරව කටයුතු කළ නිලධාරි විසින් පිළිගත්හ.

ඉතා කෙටි කාලයක් තුළදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරන ලද මෙහෙවර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සෞඛ්‍ය අමාත්‍යතුමන් සහ අණ්ඩුකාරතුමන් විසින් පැසසුමට ලක් කළහ.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හමුවේ යුද්ධ හමුදා සාමාජිකයින් කරන ලද කැපකිරීම වෙනුවෙන් මහනුවර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ ඇතුළු කාර්යමණ්ඩලය විසින් යුද්ධ හමුදාව වෙත සිය කෘතඥතාවය පුද කළහ.

පසුගිය සති කිහිපය තුළ මධ්‍යම පළාතේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළයාමත් සමඟ එම රෝගින්ට ප්‍රතිකාර සිදුකිරීමට රෝහල් පරිශ්‍රයේ නව වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුල්‍යමය දායකත්වය මධ්‍යම පළාතේ පරිත්‍යාගශීලින් සහ දානපතියන් විසින් ලබාදුන්හ.