Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2021 12:39:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් පොල් වගාව ප්‍රවර්ධනය කරයි

පොල් වගාකිරීමේ මණ්ඩලයේ අනුග්‍රාහකත්වය ඇතිව 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ භටපිරිස් නිලාවේලී බීජ ගොවිපල තවානේ සහයෝගය ඇතිව අක්කර 10 ක පොල් වගාකිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති බ්‍රිගේඩියර් එච්.ඒ.පී.කේ. හේවාවසම් ලබාදුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

නව කෘෂිකාර්මික ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමේ අභිලාශයෙන් යුතුව ඇල්ල, කන්තලේ ප්‍රදේශයේදී දියත් කළ මෙම ව්‍යාපෘතිය 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස්. දේමුණි ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඉරිදා (19) දින ආරම්භ කෙරිණි.