Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2021 10:39:01 Hours

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරයක

අභිනවයෙන් රාජකාරි කටයුතු භාරගත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩි.පී. හතුරුසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින 4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව යටතේ කන්කසන්තූරේ ප්‍රදේශයේ ස්ථාපිත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලේ සංචාරයක නිරතවිය.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩි.පී. හතුරුසිංහ මෙම සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලේ වාහන අලුත්වැඩියා කිරීමේ කටයුතු පිළිබඳ නිරික්‍ෂණය කළ එතුමන් එහි මෙහෙයුම් අංශයේ කටයුතු පිළිබඳ නිලධාරින් සමගින් සාකච්ඡා කරන ලදී.

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම සංචාරය සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.