Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2021 22:39:01 Hours

11 වන සේනාංකයේ භටපිරිස් සෞඛ්‍ය බලධාරින් සමඟ එක්ව මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහන් දියත් කරයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් දියත් කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහන වේගවත් කරමින්, 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන් සමඟ එක්ව එම ප්‍රදේශයේ මහජනතාවට එන්නත් ලබාදීමේ වැඩසටහන් ආරම්භ කරන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ කෑගල්ල විද්‍යාලයේදී සහ පුෂ්පදාන විද්‍යාලයේදී එන්නත්කරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මෙම එන්නත්කරණ වැඩසටහන් පසුගිය සතියේ ආරම්භ කෙරිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මාර්ගෝපදේශ මත දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජංගම එන්නත්කරණ වැඩසටහන් ඇතුළු එන්නත්කරණ වැඩසටහන් රැසකට යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබාදෙනු ලබයි.