Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th September 2021 13:24:16 Hours

නිරෝධායන ඇඳීරි නීතිය දීර්ඝ කෙරෙන අතර දරුවන් එන්නත්කරණය ඇරඹේ

පවතින කොවිඩ්-19 වෛරසයේ සිඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සැප්තැම්බර් මස 21 දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු නිරෝධායන ඇදිරි නීතිය 2021 ඔකතෝබර් මස 01 දින අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇති බවත් වයස අවුරුදු 15 - 19 ත් අතර දරු දැරියන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (17) දින මධ්‍යහනේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අතිගරු ජනාධිපතිතුමන් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ අද (17) දින පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ අවසරයක් ලබාදෙන බවත් වයස අවුරුදු 15 – 19 අතර වයස් කාණ්ඩයේ දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ද උපදෙස් ලබාදුන් බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි ප්‍රකාශ කළේය.

තවද අත්‍යවශ්‍ය සේවාවන් වන ඖෂධ සැල් විවෘතව තැබීම, කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම, ඇගලුම් කර්මාන්තය, අපනයන කටයුතු ආදී කර්මාන්තයන් සහ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවසර ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව වයස අවුරුදු 20 ට වැඩි තරුණ තරුණියන් එන්නත්කරණ කටයුතු මෙම නිරෝධායන ඇදිරිනීති කාලසීමාව තුල ක්‍රියාත්මක කරනු ලබන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් සදහන් කරන ලදී.