Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2021 16:08:38 Hours

හදිසි අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වමින් 222 වන බලසේනාවේ භටපිරිස් වැලි කොට්ට අතුරා ජලමාර්ගයක් සකස් කරයි

පවතින කාලගුණික තත්ත්වයත් සමඟ කන්තලේ ජල පවිත්‍රාගාරයේ ජල මට්ටම පහල ගොස් ඇති බැවින් කන්තලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මහවැලි ගඟේ සිට කන්තලේ ජල පවිත්‍රාගාරය දක්වා ජලය රැගෙන යාමේ හිදිසි පියවරක් ලෙස තාවකාලික ජලාප්‍රවාහන මාර්ගයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භටපිරිස් විසින් වැලි කොට්ට අතුරා කඩිනමින් සකස් කරන ලදී.

ඒ අනුව, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ ලබාදුන් උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු සහ කාර්මික නිලධාරින්ගේ මඟපෙන්වීම මත ඉකුත් සිකුරාදා (10) දින මෙම ජල මාර්ගය කඩිනමින් සකස් කිරීම තුළින් ජනතාව අතර බෙදාහැරීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ලබාගැනීමට ජල පවිත්‍රාගාරයේ සේවකයින්ට හැකිවිය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ජල පරිභෝජකයින් 15,000 කට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව ලැබෙනු ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සී.ඩී වීරසුරිය ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවිණි.