Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th September 2021 18:00:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සේන වඩුගේ රාජකරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ 46 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සේන වඩුගේ පසුගිය බ්‍රහස්පතින්දා (9) දින කොස්ගම පිහිටි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.

ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව සේනාවිධායකතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් පී.එන් ගොඩැල්ලවත්ත විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පසුව, නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි ඇරඹු නව සේනාවිධායකතුමන් මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාවේදී, භටපිරිස් ඇමතු එතුමන් සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ඉදිරි අභිවෘද්ධිය සඳහා සිය උපරිම අයුරින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සහභාගී වූහ.