Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2021 08:05:23 Hours

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීම සඳහා ‘Sound of Jesus’ මාධ්‍ය කණ්ඩායමඔක්සිමීටර (Oximeters) තොගයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදනය වු දරුවන්ට අත්‍යාවශය ඔක්සිමීටර් (Oximeters) බෙදාදීමේ අරමුණින් ගරුකලණ ඉෂාර පීරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කතෝලික දේවස්ථානයේ ‘Sound of Jesus’ මාධ්‍ය කණ්ඩායම අද (27) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය අතර බෙදාදීම සඳහා ඔක්සිමීටර (Oximeters) 800 ක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරන ලදී.

කොවිඩ්-19 වෛරසය ආසාදිත දරුවන් අත්විදින පීඩාකාරි තත්ත්වය පිළිබඳ අවධානය යොමුකල විදේශිය රටවල පදිංචි කතෝලික ප්‍රජාවේ සාමාජිකයින් විසින් ප්‍රමුඛ අවශතාවයක් ලෙස සලකමින් මෙම ඔක්සිමීටර (Oximeters) මිලදී ගැනීම සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්හ. හෘද ස්පන්දන වේගය තුළින් පුද්ගලයෙකුගේ රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි මෙම උපකරණ භාවිතා කිරිම මඟින් ඔක්සිජන් සාන්ද්‍රණය අඩුවී පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්වීමෙන් වළක්වාගැනීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයට හැකිවේ.

මේ වනවිට රෝහල් තුල ඔක්සිමීටර් (Oximeters) හිඟය බරපතල තර්ජනයක් වී ඇති බැවින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සියලුම වාට්ටුවල ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදනය වු දරුවන්ට සිය ජිවිත ආරක්‍ෂා කරගැනීම උදෙසා මෙලෙස පරිත්‍යාග කල සියලුම ඔක්සිමීටර (Oximeters) එම වාට්ටු වෙත බෙදාදෙන ලෙස ගරු කලණ ඉෂාර පීරිස් පියතුමන් මෙම සුහද හමුවේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් ඉල්ලා සිටියේය.

හදිසි අවශ්‍යතාවයකදී රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා වෛද්‍ය කාර්යමණ්ඩලයට විශාල සහයෝගයක් ලබාදෙන මෙම ඔක්සිමීටර (Oximeters) පරිත්‍යාග කිරීම පිළිබද පරිත්‍යාගශීලින්ට ස්තූතිය පුද කල යුද්ධ හමුදාධිපතිතුමන් මෙලෙස පරිත්‍යාග කරන ලද ඔක්සිමීටර (Oximeters) රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ජීවිත ආරක්‍ෂා කරගැනීම උදෙසා වෛද්‍ය කාර්යමණ්ඩලයේ පරිහරණය සඳහා සුදුසු පරිදි බෙදාදෙන බවට මෙහිදී පැවසීය.