Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2021 21:56:30 Hours

‘තියාහි’ අසරණසරණ භාරයේ සභාපති යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් රුපියල් මිලියන 10 ක් ‘ඉටුකම’ අරමුදලට පරිත්‍යාග කරයි

‘තියාහි’ අසරණසරණ භාරයේ නිර්මාතෘ සහ සභාපති මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ දානපතියෙකු හා පරිත්‍යාගශීලියෙකු වන වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනයේදී ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට බැර කිරීම සඳහා පරිත්‍යාග කල රුපියල් මිලියන 10 ක වටිනාකමින් යුත් මුදල් චෙක්පත අද (27) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත පිරිනැමුවේය.

යාපනය, මඩකලපුව, කුරුණෑගල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මෙන්ම කඳුකර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අරමුදල් ලබාදෙනු ලබන සමාජ සේවා ස්වේච්ඡා සංවිධානයක් ලෙස පිහිටුවා ඇති ‘තියාහි’ අසරණසරණ භාරයේ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා යුද්ධ හමුදාවේ ඉල්ලීම මත පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියා ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ද රුපියල් ලක්‍ෂය බැගින් පසුගියදා පරිත්‍යාග කරන ලදී.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වෛද්‍යාධාර සහ සහන සැලසීම සඳහා පිහිටවූ ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලට තැන්පත් කිරීම සඳහා රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පතක් යාපනයේ උපත ලැබු දැනට ස්විට්සර්ලන්තයේ පදිංචි වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු හමුවී යුද්ධ හමුදාධිපතිතුමන් වෙතින් අතිගරු ජනාධිපතිතුමන් වෙත භාරදීම සඳහා පිරිනැමුවේය.