Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th August 2021 10:50:50 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ වැඩපිළිවෙල සඳහා සාමූහික දායකත්වය අගයයි

ස්වර්ණවාහිණි නාලිකාවේ ඉකුත් සදුදා (23) දින විකාශය වූ "ඉර හරි කෙළින්" වැඩසටහනට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සහ පාලනය මෙන්ම ඒ සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය යන මාතෘකා යටතේ කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වාර්ථා වන නව ආසාදිතයින් හා අවශ්‍යතා, වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය, එන්නත්කරණ ක්‍රියාවළිය, නිරෝධායන කටයුතුවල වත්මන් තත්ත්වය, වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය පිළිවෙත් සඳහා වන අවශ්‍යතාවයන්, සහ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් වාර්ථා වීම අවම කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කළේය.

තවද, මෙම සාකච්ඡාවේදී කොවිඩ්-19 වෛරය පැතිරීම පාලනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ දැක්ම සහ ඒ සදහා යුද්ධ හමුදාවේ දායකත්වය, අඛණ්ඩ නිරෝධායන ඇඳිරි නීතිය සහ එහි ප්‍රතිඵල, යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන අඛණ්ඩ ජාතික එන්නත්කරණ වැඩසටහන සහ එහි අනාගත උපාය මාර්ග, මෙම ජාතික ව්‍යසනය ජය ගැනීම සඳහා මහජනතාවගේ සාමූහික දායකත්ව යන කරුණු පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමු විය.

මෙම රූපවාහණි වැඩසටහන ඇතුලත් සම්පූර්ණ විඩීයෝ පටය පහතින් දැක්වේ: