Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2021 08:57:04 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබද පැහැදිලි කරයි

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසිවාරයක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒහිදි අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිතුමන් “ අපේ පළමු ප්‍රමුඛතාවය වන්නේ රට තුළ සිදුවන මරණ සංඛ්‍යාව අඩු කිරීම, දෙවනුවට මෙම වෛරසය රට තුළ පැතිරීම අවම කිරීම, තුන්වැන්න රෝහල් කළමණාකරනය කිරීම සහ සිව්වැන්න විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ආර්ථික අපහසු තාවයන් පිළිබද සොයා බලා ඊට අවශ්‍ය පියවරයන් ගැනීමයි. තවද පවතින තත්ත්වය මත ආසාදිතයින් දිනෙන් දින වැඩිවීම හේතුවෙන් රෝහල්වල ධාරිතාවය පිළිබද යම් යම් ගැටළු මතුව තිබෙනවා. මේ පිළිබද අති ගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආසාදිතයින් බහුල රෝහල්වල තරමක් සුවය ලැබු ආසාදිතයින් ප්‍රතිකාර සඳහා වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරුකර යැවීමට කටුයතු කරමින් සිටන බව” හෙතෙම ප්‍රකාශ කළේය.

ඒ අනුව, ඉරිදා පැවති සාකච්ඡාවෙන් පසු කාණ්ඩ තුනක් යටතේ රෝගීන් කළමනාකරණය කිරීමට සැලසුම් කර තිබනෙවා. ඒ අනුව පළමු කණ්ඩය කිසිදු රෝග ලක්ෂණයක් නොමැති පුද්ගලයින් ලෙසත් දෙවනි කණ්ඩය උණ තත්වයෙන් පෙළෙන රෝගීන් ලෙසත්, තෙවැනි කණ්ඩය ස්වසන අපහසුතා ඇති රෝගීන් ලෙසත් කණ්ඩ තුනකට නම්කර ඇති අතර මේ පිලිබද විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනයක් මේ වන විටත් නිකුත් කර ඇත. එබැවින් අපට සියලු අවස්ථා වර්ගීකරණය කර ප්‍රතිකාර ක්‍රම සිදු කළ හැකිය. ඒහි මුල් අධියරය බස්නාහිර පළාතෙන් ආරම්භ කර වෙනත් ප්‍රදේශවලට යාමට සැලසුම් කර තිබෙනවා. විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ දැන් මාර්ගගත ඇමතුම් මධ්‍යස්ථානයක් සක්‍රීය කර ඇති අතර මෙමගින් රෝහල්වලට ආසාදිතයින් ඇතුළත් කිරිමේ ප්‍රමාණය අඩු කිරීමට අපි උපරිම උත්සාහයක් දරමු, ”යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වාදෙන ලදී.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු පෙන්වා දුන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථන ප්‍රධානි “අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළෙමු. මේ දක්වා, අපට මාත්‍රා වර්ග පහෙන් මිලියන 19.7 ක් ලැබී ඇති අතර, ඒම ඒන්නත් තොගයෙන් මේවන විට පුද්ගලයින් මිලියන 14.97 ක් මාත්‍රා දෙකම ලබාගෙන ඇත. ඒ සඳහා රුපියල් මිලියන 5 ක පමණ මුදලක් වැය කර ඇත. ඒ අනුව මේ වන විට ජනගහනයෙන් 43% ක් එක් එන්නතක් හෝ දෙකම ලබාගෙන ඇත. තවද මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය සිකුරාදා සිට බලපැවැත්වෙන පරිදි පනවන ලද විවිධ සීමාවන් කිහිපයක් පිළිබදවද හෙතෙම අවධාරණය කළේය. මරණ අනුපාතය පිළිබදව පරීක්‍ෂා කරන විට, මියගිය අයගෙන් වැඩි දෙනෙක් එන්නත් එක මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති බව අවධානයට ලක්වේ. උදාහරණයක් වශයෙන්, අගෝස්තු 13 දා 160 දෙනෙක් මිය ගිය අතර, ඒ සියලු දෙනාම කිසිදු එන්නතක් ලබාගෙන නැත. ගතවූ වසර එක හමාරක කාලය හා සසඳන විට මරණ අනුපාතය මෙන්ම ආසාදිතයින්ගේද වැඩිවීමක් දක්නට ලැබේ. තවමත් දිනපතා PCR පරීක්ෂණ 19,000 ක් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ (antigen) 25,000 ක් පමණ කරන බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඒන්නත්කරනය පිළිබද වැඩිදුරටත් අදහස් දැක් වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “අපට එන්නත් මධ්‍යස්ථාන තිබුණත් සමහරු එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසා යුද්ධ හමුදාව හරහා ජංගම ඒන්නත්කරණ මධ්‍යස්ථාන ආරම්භ කළ අතර එමඟින් ආබාධිත, අසනීප සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මෙන්ම වයෝවෘධ පුරවැසියන්ට පහසුකම් සැලසීම හා ප්‍රමුඛතාවය ලබාදීම සිදු කරන අතර එන්නත් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා ජංගම ඒන්නතකරණ‌ය ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වෙතද ලබාදී ඇති බව” හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරින් ද එන්නත්කරණ ක්‍රියාවලිය, වෛරසය පාලන ක්‍රමවේද සහ ඉදිරියේදී ගතයුතු ක්‍රීයාමාර්ග ආදි කරුණු පිළිබඳව අදහස් දැක්වූහ.