Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2021 09:50:01 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සිහිපත් කරමින් සාලියපුරදී සැමරුම් උත්සව පැවැත්වේ

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන මේජර් ජෙනරල් විජය විමලරත්න සහ යුද්ධ හමුදාවේ අභිත සෙන්පතියෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් රණවිරුවන් 08 දෙනෙකු අද (08) වැනි දිනක (1992 අගෝස්තු මස 08) යාපනය, කයිට්ස් ප්රනදේශයේ අරාලි තුඩුවේදී කුරිරු එල්.ටී.ටී.ඊ ත්ර ස්තවාදීන්ගේ බිම්බෝම්බ ප්රාහාරයකින් ජීවිතක්ෂූයට පත්වූහ. ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්ෂෘක මාණ්ඩලික ප්රිධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්රු සිල්වාගේ උපදෙස් මත එම අනපේක්ෂිිත සිදුවීමේ 29 වන සංවත්සරය වෙනුවෙන් ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුරය, කිරිබත්ගොඩ සහ තවත් ස්ථාන කිහිපයකදී අනුස්මරණ උත්සව පවත්වන ලදී.

මෙම අනුස්මරණ උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසු නිලයින් විසින් අද (08) දින උදෑසන අනුරාධපුර ජය ශ්රීි මහ බෝධීන් වහන්සේ උදෙසා කිරි පිඬු දානමය පිංකමක් පැවැත්වූහ. ඉන් පසුව, සාලියපුර පිහිටි ගබජා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්යෙස්ථානයේ සංවිධානය කර තිබූ උත්සවයකදී දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරන ලදී. මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු මධ්යසස්ථානයේ සේනාවිධායක බ්රිරගේඩියර් දිනේෂ් උඩුගම ඇතුළු ජ්යොෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්ය්ස්ථානයේ සේනාවිධායකගේ අධීක්ෂනණය යටතේ මෙම සැමරුම් උත්සවයට සමගාමීව පූජනීය අටමස්ථාන විහාරස්ථානයන් තුළ තවත් ආගමික උත්සව කිහිපයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ජ්යෙවෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ. එමෙන්ම, ඉරිදා (08) දින සන්ද්යානවේ රුවන්වැලි සෑය සහ අනෙකුත් ආගමික ස්ථානවලදී දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ ගුණ අනුස්මරණය කරමින් විශේෂ ගිලංපස පූජාවන් ද පැවැත්වීමට නියමිතය.

මේ අතර, මේජර් ජෙනරල් විජය විමලරත්නගේ උපන් ගම වන කිරිබත්ගොඩ පිහිටි එතුමන්ගේ ප්රවතිමාවට පුෂ්පෝපහාර පිරිනමමින් උත්සවයක් පැවැත්වූහ. ඒ සඳහා එම අභිත සෙන්පතිදුන්ගේ ඥාතීන්, විශ්රාිමික සමකාලීන යුද විරුවන්, මහජන නියෝජිතයින් සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

කොළඹ රාජකීය විද්යාරලයේ ආදි සිසුවෙකු වූ මේජර් ජෙනරල් විජය විමලරත්න 1961 ඔක්තෝබර් මස 21 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්රීව ලංකා යුද්ධ හමුදාවට බැඳුණි. ඉන්දියානු හමුදා විද්යානපීඨයේ පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව හෙතෙම නැවත මෙරටට පැමිණ 1963 අගෝස්තු මස 1 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූහ. ඉන් අනතුරුව, දෙවන ලුතිතන් ඩබ්ලිව්.අයි.වී.කේ.එම්. විමලරත්න ශ්රීම ලංකා පාබල හමුදාවට ඇතුළත් කරන ලදී. එතුමන් වර්ෂ 1969 දී ගැමුණු හේවා බලකායට එක් වූ අතර 2 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ විධායක නිලධාරි ධූරයද හෙබවූවේය. 1982 වසරේදී එතුමන්ගේ යුද්ධ හමුදා දිවියේ තවත් සන්ධිස්ථානයක් පසු කරමින් මේජර් විජය විමලරත්න 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස රාජකාරි භාරගත් අතර ලුතිතන් කර්නල් නිලයට උසස්වීම් ද ලැබුවේය. 1983 වර්ෂයේදී 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 1 වන රජරට රයිෆල් බළකාය ඒකාබද්ධ කර “සමගිය ශක්තියයි” යන්න තේමා පාඨය කරගනිමින් 1 වන ගජබා රෙජිමේන්තුව පිහිටුවීමට සිය නායකත්වය ලබාදුන් අතර එහි 1 වන අණදෙන නිලධාරි ලෙසද පත්විය.

වර්ෂ 1986 අගෝස්තු මාසයේදී හෙතෙම කර්නල් නිලයට උසස්වීම් ලද අතර 1987 වසරේ ‘ලිබරේෂන් ක්රිේයාන්විතය’ (Operation Liberation) මෙහෙයුමේදී ඔහු ශ්රීධ ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ බලසේනා ත්රිදත්වයක් සම්බන්ධ කරගනිමින් සිදුකරන ලද ප්රදථම ක්රි යාන්විතයේ 1 වන බලසේනාවට අණදුන් හෙතෙම වර්ෂ 1988 ජූලි මාසයේදී ‍බ්රි‍ගේඩියර් නිලයට උසස්වීම් ලැබුවේය. 1990 දී යාපනය කොටුවේ සහ 1991 දී ‘බලවේගය’ මෙහෙයුමේ යුද්ධ හමුදා සාමාජිකයින් මුදාගැනීමේ ක්රි යාන්විතය සඳහා ඔහු මහඟු කාර්යභාරයක් ඉටු කළේය. ශ්රීස ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ අභිත නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් විජය විමලරත්න සහ යුද්ධ හමුදාවේ අභිත සෙන්පතියෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු තවත් වීරෝදාර රණවිරුවන් 08 දෙනෙකු 1992 අගෝස්තු මස 08 දින යාපනය, කයිට්ස් ප්රදදේශයේ අරාලි තුඩුවේදී කුරිරු එල්.ටී.ටී.ඊ ත්ර ස්තවාදීන්ගේ බිම්බෝම්බ ප්රයහාරයෙන් ජීවිතක්ෂකයට පත්ව (08) දිනට වසර 29 ක් ගතවී ඇත. මේජර් ජෙනරල් විජය විමලරත්න සිය යුද්ධ හමුදා සේවා කාළය තුළ ගජබා රෙජිමේන්තුව වෙනුවෙන් සිදු කළ ඉමහත් සේවය වෙනුවෙන් එතුමන් ‘ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ’ ලෙස සැලකේ.