Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2021 19:03:53 Hours

නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් චන්දන මාරසිංහගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ අද (5) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

කොවිඩ් -19 වෛරසය හමුවේ සෑම ව්‍යාපෘතියක් සඳහාම භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධ ඉතා භාරදූර කාර්යභාරයක් ක්‍රමවත්ව සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, එ් සඳහා අවශ්‍ය උපාංග සහ උපකරණ මෙන්ම සියළුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිසිදු බාදාවකින් තොරව නියමිත වේලාවට ලබාදීම සඳහා නුඳුරේදී විශ්‍රාම දිවියට පාතබන මේජර් ජෙනරල් චන්දන මාරසිංහ දැක්වු විශිෂ්ඨ දායකත්වය හේතුවෙන් යුද්ධ හමුදාවට එම කාර්යභාරය ක්‍රමවත්ව සහ කාර්යක්‍ෂමව ඉටුකරගැනීමට හැකිවූ බව යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී පැවසීය.

තවද යුද්ධ හමුදාව විසින් වසංගත රෝග නිවාරණය සඳහා දියත්කරනු ලැබු වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම සඳහාත් උතුරු නැගෙනහිර සේවයේ නිරත යුද්ධ හමුදා භඨපිරිස් සඳහා අවශ්‍ය භඨකාර්ය සම්පාදන අවශ්‍යතාවයන්ද නිසි ආකාරව සපුරාලීම සඳහාත් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතුමන් එහිදි අගය කළේය‍.

මේජර් ජෙනරල් චන්දන මාරසිංහ, දසක තුනකට අධික යුද්ධ හමුදා සේවා කාලය තුළ යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති අතර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුධෝපකරණ බලකායේ අභිවෘද්ධිය උදෙසා සුවිශාල දායකත්වයක් ලබාදී ඇත.

නුදුරේදී විශ්‍රාම දිවියට පාතබන මේජර් ජෙනරල් චන්දන මාරසිංහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට එරෙහිව දියත්කරනු ලැබු වැඩසටහන් සදහා දැක්වූ දායකත්වය යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි අගය කළේය.

මේජර් ජෙනරල් මාරසිංහ, එවකට 1 වන ගැමුණු හේවා බලකායේ වීරෝදාර රණවිරුවෙකු ‌ලෙස වඩමාරච්චි මෙහෙයුම ඇතුළු ත්‍රස්තවාදයට එරෙහිව දියත්කළ මානූෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකත්වය දක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් චන්දන මාරසිංහ සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම පිළිබදව සිය කෘතඥතාවය පුද කළේය. මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.