Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2021 14:00:38 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් 681 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක

පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඉකුත් බදාදා (22) දින 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.  

බලසේනා මුලස්ථානය වෙත සැපමිණි ආරක්‍ෂක සේනා ආඥාපති එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නලින් හෙට්ටිආච්චි විසින් පිළිගන්නා ලදී. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති මෙම සංචාරය සනිටුහන් කරමින් බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.

ඉන් අනතුරුව, 681 වන බලසේනාවේ බලසේනාධිපති විසින් එම බලසේනාවේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් කළේය. පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති එම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතූවේය.

මෙම අවස්ථාවට බලසේනාධිපති, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.