Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2021 23:00:01 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනයක

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් එක් සාකච්ඡාවක් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (29) දින පැවැත්විණි. රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද සහභාගි වුහ.  

මෙම සාකච්ඡාවේදී කොවිඩ් -19 ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හුදෙකලා කර ඇති ප්‍රදේශයන් පිළිබඳව ද රැස්ව සිටි සියලුදෙනා දැනුවත් කළේය.

මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික්කවල 90% කට වඩා වැඩි ප්‍රතිශතයක් එන්නත් ලබාගෙන ඇති බවත් ජනගහණයෙන් 60% ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බවත් එන්නත්කරණ ක්‍රියාවලිය සහ එන්නත් තොග මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අදහස් දැක්වු යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

විදේශීක ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනිම අඛණ්ඩව සිදුකරනු ලබන බවත් අධ්‍යාපනය කටයුතු සහ විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යන පුද්ගලයින්ට ප්‍රමුඛත්වයක් මත එන්නත් ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසීය. කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය පිරිසෙන් බහුතරයක් එන්නත් ලබාගෙන නොමැති අතර කොළඹ ප්‍රදේශයේ එන්නත් ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් මෙරටට ගෙන්වු නව එන්නත් තොගය රටපුරා බෙදාහැරීම මේ දිනවල සිදුවන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි පැවසුහ.  

කොවිඩ්-19 වෛරසය තවදුරටත් පැතිරීයාම තීරණය වන්නේ මිනිසාගේ හැසිරීම මත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් මෙහිදි අවධාරණය කළේය.

මේ අතර, රැස්ව සිටි කොවිඩ් - 19 කාර්ය සාධක බලකායේ සාමාජිකයින් හා වෙනත් පාර්ශවකරුවන් විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, ප්‍රදේශ හුදකලා කිරීම, සෞඛ්‍ය අංශයේ සූදානම, අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම, ඔක්සිජන් සැපයීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින්, නිරෝධායන මධ්‍යස්ථාන සහ එන්නත් කිරීමේදී පළමු මාත්‍රාව ලබාගත් සියලුම අයවලුන් සඳහා දෙවන මාත්‍රාව ලබාදීමේ ක්‍රමවේදය වැනි පොදු කරුණු පිළිබඳ සාකච්ඡා කළහ.