Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th July 2021 07:58:22 Hours

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් හඳුන්මුල්ලගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල අද (26) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම යන මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල යුද්ධ හමුදාව වෙනුවෙන් කරන ලද සේවය පැසසුමට ලක් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල සිය සේවාකාලය තුලදී යුද්ධ හමුදාවේ උසස් තනතුරු රැසක් හොබවා ඇත. දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාවේ සේවය කල මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල සිය සේවා කාලය තුලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළේය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සිය මතකයන් සිහිපත් කරමින් මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. එහිදී, විශ්‍රාම යන මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ලගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ විමසු යුද්ධ හමුදාධිපතිතුමන් ඒ වෙනුවෙන් සුභපැතුම් ද එක් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල විසින් රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් වෙනුවෙන් එහිදී සිය කෘතඥතාවය පිරිනැමුවේය.

මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ලගේ සේවය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් එහිදි ප්‍රදානය කළේය.