Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2021 09:51:49 Hours

අනුරාධපුරයේ බලධාරීන් කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තවත් එක් සාකච්ඡාවක් ඉකුත් බදාදා (12) දින උතුරු මැද පළාත් සභා කාර්යාලයේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක, 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක, අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්‍ෂක ඩබ්ලිව්. කිත්සිරි ජයලත් ඇතුළු තවත් බලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

මෙහිදි ආරක්‍ෂක හමුදා, රජයේ සේවකයින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව කටයුතු කරමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ පියවර පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.