Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2021 10:51:49 Hours

551 වන බලසේනාවේ භටපිරිස් යාපනය ප්‍රදේශයේ මාර්ග දෙපස පිරිසිදු කරයි

යාපනය ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දමමින් මාර්ග දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ඉකුත් අඟහරුවාදා (11) දින දියත් කරන ලදී.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය යටතේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පේදුරුතුඩුවේ උඩුප්පිඩි-කරණවායි මාර්ගයේ කිලෝමීටර් 4 ක පමණ දුරක් ආවරණය කරමින් මාර්ගය දෙපස පිරිසිදු කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ සංකල්පයකට අනුව 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටියගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාවට නැංවු මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය 551 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන් සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සේවකයින් සිය සහයෝගය දැක්වූහ.