Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2021 20:45:17 Hours

විජයග්‍රාහණයේ සැමරුම් දිනයේ දී යුද්ධ හමුදා නිලධාරීන් 452 කට සහ සෙසුනිලයින් 4289 කට උසස්වීම්

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත 12 වන විජයග්‍රාහි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 452 දෙනෙකු සහ සෙසුනිලයින් 4,289 දෙනෙකු මීළඟ නිලයට උසස්කිරීම සිදුකෙරිණි.

ඒ අනුව, බ්‍රිගේඩියර් නිලයෙන් නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල් නිලයෙන් නිලධාරීන් 37 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයෙන් නිලධාරීන් 39 දෙනෙකු කර්නල් නිලයට, මේජර් නිලයෙන් නිලධාරීන් 40 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන් නිලයෙන් නිලධාරීන් 62 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන් නිලයෙන් නිලධාරීන් 61 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන් නිලයෙන් නිලධාරීන් 201 දෙනෙක් ලුතිතන් නිලයට උසස්කර ඇත.

එමෙන්ම, බලලත් නිලධාරි II 83 දෙනෙකු බලලත් නිලධාරි I නිලයට, මාණ්ඩලික සැරයන් 330 දෙනෙකු බලලත් නිලධාරි II නිලයට, සැරයන් 493 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට, කෝප්‍රල් 1095 දෙනෙකු සැරයන් නිලයට, ලාන්ස් කෝප්‍රල් 1168 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 1120 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට 2021 මැයි මස 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල උසස්වීම් ලබා ඇත.

බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරල් නිලයට

බ්‍රිගේඩියර් ජි.ඩී. සුරියබණ්ඩාර යුඑස්පී

බ්‍රිගේඩියර් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩිඑම්සී එල්එස්සී

බ්‍රිගේඩියර් ඩි.පී.යු. ගුණසේකර ආර්ඩබ්ලිව්පී යුඑස්පී අයිජි

බ්‍රිගේඩියර් කේ.ආර්.කේ.කේ.ටී. බණ්ඩාර ආර්එස්පි යුඑස්පී

බ්‍රිගේඩියර් යු.ඩි. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි ආර්සීඩිඑස් පීඑස්සී

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු

බ්‍රිගේඩියර් අල්.ඩි.එස්.එස්. ලියනගේ ආර්එස්පී යුඑස්පි පීඑස්සි එච්ඩිඑම්සී

බ්‍රිගේඩියර් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යුඑස්පී එන්ඩියු

බ්‍රිගේඩියර් එම්.ජි.ටී.ඩි. රත්නසේකර යුඑස්පී

බ්‍රිගේඩියර් කේ.එච්.කේ. කෝට්ටවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එන්ඩියු

බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.ඩබ්ලිව්.එම්.ආර්.එස්.පී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී