Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2021 14:51:49 Hours

521 වන බලසේනාවේ භටපිරිස් අච්චුවේලි ප්‍රදේශය විෂබීජහරණය කරයි

යාපනය ප්‍රදේශයේ ජනතාව අතර කොවිඩ් -19 වෛරසය සම්ප්‍රේෂණයවීම අවම කිරීමේ අරමුණින් සෙනසුරාදා (15) දින අච්චුවේලි ප්‍රදේශය විෂබීජහරණය කිරීමේ වැඩසටහක් දියත් කරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලබාදුන් උපදෙස් මත 521 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුහ.

521 වන බලසේනාවේ බලසේනාධිපති සහ11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ පැවැති මෙම වැඩසටහනේදී අච්චුවේලි බස්නැවතුම්පොල, වෙළඳපොල, බැංකු සංකීර්ණ, වෙළඳසැල්, ත්‍රිරෝද රථගාල් ඇතුළු පොදු ස්ථාන රැසක් විෂබීජහරණය කරන ලදි.