Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2021 10:00:04 Hours

පොලොන්නරුවේ බලධාරීන් වත්මන් තත්ත්වය සමාලෝචනය කරයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තවත් එක් සාකච්ඡාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා, පොලොන්නරු දිස්ත්‍රික් සම්බන්ධිකාරක මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසුරිය ඇතුළු තවත් බලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

පළාත් සහ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව වත්මන් තත්ත්වය පිළිබඳ සියලු පාර්ශවකරුවන් අදහස් හුවමාරු කරගත් අතර වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිලිබඳව ද කරුණු සාකච්ඡා කළහ.