Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 23:35:46 Hours

පුද්ගලික ආරක්‍ෂක කට්ටල 1000 ක් යුද්ධ හමුදා රෝහලට පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබාදෙන කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා හේමාස් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම විසින් පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 1000 ක් පසුගිය බදාදා (12) දින පරිත්‍යාග කරන ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පහසුකම් රෝගීන් කළමනාකරණය සඳහා පුළුල් ලෙස භාවිතා කිරීම සැලකිල්ලට ගනිමින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් වෛද්‍ය චම්පිකා අබේසිංහ ගේ සම්බන්ධීකරණයෙන්පරිත්‍යාගශීලීන් යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සමඟ සාකච්ඡා කර දැඩි සත්කාර ඒකකයට තවත් ඇඳන් 6 ක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය කටයුතු හේමාස් හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙලරාජා මහත්මිය විසින් සම්බන්ධීකරණය කරන ලද අතර මෙම අවස්ථාවට හේමාස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම නියෝජනය කරමින් සමූහ අධ්‍යක්‍ෂ අබ්බාස් එසුෆලි මහතා සහභාගි වූයේය. රෝහලේ කාර්යමණ්ඩලය වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නිර්වින්දන වෛද්‍ය ලුතිනන් කර්නල් වෛද්‍ය චම්පික අබේසිංහ මෙම පරිත්‍යාගය භාරගත්තේය.