Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th May 2021 19:00:48 Hours

කොවිඩ්-19 වෛරසය පිළිබඳ කාත්තන්කුඩි සහ එරාවුර් ජනතාව දැනුවත් කෙරේ

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොවිඩ්-19 රෝග ලක්‍ෂණ, වෛරසය පැතිරීමවැළැක්වීම සහ පූර්වාරක්ෂාව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කාත්තන්කුඩි සහ එරාවූර් නගර සහ ඒ අවට ප්‍රදේශයේදී පසුගිය ඉරිදා (9) දින පවත්වන ලදී. එම වැඩසටහන් සඳහා කාත්තන්කුඩි සහ එරාවුර් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ ද සහයෝගය හිමිවූහ.

මෙම වැඩසටහන ප්‍රදේශයේ කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණයවීම වැළැක්වීමේ අරමුණින් 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත ලබාදුන් උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විජිත හෙට්ටිආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබයි.

මෙම මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.