Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 15:00:48 Hours

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් තවත් නව නිවසක ඉදිකිරීම් කටයුතු අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යපෘතිය යටතේ ඉකුත් සිකුරාදා (30) දින වවුනියාව මුන්ඩිමුරුප්පු ප්‍රදේශයේ පදිංචි දීපිකා සංජීවනි මහත්මීය වෙනුවෙන් නව නවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.

ඇයගේ අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය යොමු කල මහජන බැංකුවේ බෞද්ධ සංගමය විසින් නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය පිරිවැය ලබාදුන් අතර ඒ සඳහා තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදුන්හ.

නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුණුවිල සහභාගි වූයේය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 562 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධික්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ නව නිවසේ ඉදිකිරීම් කටයුතු 17 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලබයි.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම අවස්ථාවට 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ, වවුනියාව මහජන බැංකුවේ සහකාර ප්‍රාදේශීය කළමනාකරු, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින්, පරිත්‍යාගශීලි කාන්තාවගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගි වූහ.