Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 09:48:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න පසුගිය සිකුරාදා (07)පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී එම බලකායේ23 වන කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කටයුතු භාරගත්තේය.  

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයක් පිරිනැමූහ.ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අශෝක අඹන්පොල විසින් නව කර්නල් සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගත්තේය.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි කටයුතු භාරගත් අතර මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.  

පවතින සෞඛ්‍යාරක්‍ෂිත හේතූන් මත හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍රයන් ද සීමා කරන ලදී. මෙහිදී, නව කර්නල් සේනාවිධායක භටපිරිස් ඇමතීමෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහයකින් උත්සව කටයුතු අවසන් විය.