Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 11:00:00 Hours

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, කිලිනොච්චි ආඥාපති හමුවී කොවිඩ්-19 වෛරසය පැතිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පසුගිය ඉරිදා (09) දින කිලිනොච්චි ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි විසින් වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම සහ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගත යුතු පියවරයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී. තවද, වෛරසය ආසාදිත පුද්ගලයින් වැඩි වශයෙන් හඳුනාගැනීමත් සමඟ මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ - කිලිනොච්චි වෛද්‍ය එන්. සරවනභවන්, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, වෛද්‍ය කාර්යමණ්ඩලය සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.