Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 21:29:59 Hours

යුද, නාවික හා ගුවන් හමුදා භටපිරිස් එන්නත් කිරීමේ වැඩසටහනට සහයෝගය දක්වති

කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන එන්නත් කිරීමේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද, නාවික හා ගුවන් හමුදා භටපිරිස් එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙනු ලබයි.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදා භටපිරිස් කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ, වැල්ලවත්ත, මාලිගාවත්ත, මට්ටක්කුලිය සහ කෙත්තාරාමය ඇතුළු තවත් ස්ථාන කිහිපයක සිදුකරනු ලැබු එන්නත් කිරීමේ වැඩසටහන් සඳහා සිය සහයෝගය ලබාදුන්හ. එහිදී, භටපිරිස් ක්‍රියාකාරීව දායකත්වය දැක්වූ ඡායාරූප පහතින් දැක්වේ.