Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 11:58:48 Hours

තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මහනුවර දී ස්ථාපිත කරයි

සෞඛ්‍ය බලධාරින් සහ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මහනුවර ප්‍රදේශයේ පිහිටි11 වන සේනාංකය වෙතින් ගම්පොල පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. එමෙන්ම, නුදුරේදී පොල්ගොල්ල මහවැලි ජාතික විද්‍යාලය සහ ගිරාගම සෞන්දර්යගුරු විද්‍යාලය ද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීමට නියමිතය.

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම පිළිබඳ අධ්‍යනයකට ලක් කිරීමෙන් අනතුරුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහ111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ගේ අධීක්‍ෂණය යටතේආසාදිතයින් සඳහා පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබූහ.

මේ වනවිට, 111 වන බලසේනාවේ භටපිරිස් මහනුවර සෞඛ්‍ය බලධාරින් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව පොල්ගොල්ල සහ ගිරාගම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුකරති.111 වන බලසේනාවේ පාලනය යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ගම්පොල යොවුන් සේනාංක මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආරක්‍ෂාව සැපයීමට නියමිතව ඇත.මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ආසාදිතයින් 120 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී.