Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2021 12:38:06 Hours

121 වන බලසේනාවේ භටපිරිස් වැල්ලවාය ප්‍රදේශයේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරමින් පවතින ජාතික ප්‍රයත්නයන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකය වෙතින් වැල්ලවාය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කර පසුගිය සෙනසුරාදා (08) දින වැල්ලවාය රෝහල වෙත භාරදෙන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක සහ 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ සෞඛ්‍ය බලධාරින් සමඟ එක්ව හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ ස්වභාවය පිළිබඳ තක්සේරු කිරීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතවහඳුනාගනු ලබන නව ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වැඩිදියුණු කරන ලෙස යුද්ධ හමුදා භටපිරිස් වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, 121 වන බලසේනාව යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම කටයුතු සිදුකරන ලදී. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගිය ඉරිදා (08) දින විවෘත කරනු ලැබිණි.