Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2021 20:58:18 Hours

දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘Get Real’ වැඩසටහනට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්වෙයි

දෙරණ 24x7 රූපවාහිණි නාලිකාවේ පසුගිය සඳුදා (10) දින විකාශය වූ ‘Get Real’ වැඩසටහනට කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක් වූ අතර එහිදී, කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය පිළිබඳ විස්තරයක්, හදිසි ක්‍රියාමාර්ග, විවිධ අවස්ථාවන්, වෛරසය ව්‍යාප්තියේ වර්ධනයන්, වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේදී එන්නත් කිරීමේ ක්‍රියාවලිය, වත්මන් භාවිතයන්ට එරෙහිව පවතින චෝදනා, දිස්ත්‍රික්ක අතර සංචරණ සීමාවන් පැනවීම සහ කොවිඩ් - 19 ආසාදිතයින්ගේ වර්ධනය අවම කිරීම සඳහා කළ හැකි දේ පිළිබඳව ද පුළුල්ව සාකච්ඡා කරන ලදී.