Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 22:34:54 Hours

බදුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන 11 වන සේනාංකයේ සේනාංකාධිපති නිරීක්‍ෂණය කරයි

කුණ්ඩසාලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ කහගොල්ල හා බිඳුනුවැව පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථාපිත කිරීමට යෝජිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ බදුල්ල, වෑවස්ස ප්‍රදේශයේ පිහිටි බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ඉදිකිරීමට යෝජිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක පසුගිය සිකුරාදා (07) දින නිරත වූයේය.

මෙම සංචාරය සඳහා එක් වූ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක, මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සමඟින්එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සතු පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ උපකරණ පිළිබඳව පරික්‍ෂා කර බලන ලදී. මෙම සංචාරයේදී, ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් එම ස්ථානභාර නිලධාරින් සමඟ පරිපාලනමය හා වෙනත් ප්‍රායෝගික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

මෙම සංචාරය සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.