Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 22:43:01 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් මින්නේරිය දේවාලය අවට පරිසරය පිරිසිදු කරති

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර භටපිරිස් මින්නේරිය මහසෙන් දේවාලය සහ මින්නේරි වැව් බැම්ම පිරිසිදු කිරීම සඳහා පසුගිය දා ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් දියත් කළහ.

මෙම ව්‍යාපෘතියට යුද්ධ හමුදා භටපිරිස් සමඟ හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවේ සේවකයින් ද එක්වුහ.

මින්නේරිය මහසෙන් දේවාලයේ නිලමේතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.