Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 22:51:53 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (05) දින දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූහ. මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්, මඩකලපුව නගරාධිපති, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් කොස්වත්ත සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විජිත හෙට්ටිආරච්චි ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම සාකච්ඡාව අතරතුර, මේජර් ජෙනරල් නලින් කොස්වත්ත අනෙකුත් පාර්ශවකරුවන් සමඟ වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡ කළහ. එමෙන්ම, ආරක්‍ෂක අංශ, රජය සහ සෞඛ්‍ය අංශ මනා සම්බන්ධීකරණයෙන් යුතුව සිදුකරමින් පවතින වැළැක්වීමේ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.