Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 22:41:01 Hours

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික පතුරම් ගබඩා පරික්‍ෂා කරයි

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පසුගිය බ්‍රහස්පතින්දා (06) දින වන්නි ප්‍රදේශයේ පිහිටි මධ්‍යම අවි සහ පතුරම් ගබඩාවට අයත් පතුරම් ගබඩාවේ අධීක්‍ෂණ කටයුතු සඳහා සංචාරයක නිරත වූවේය. එහිදී, මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ද මුණගැසිනි.  

මෙම සංචාරය අතරතුර,මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර එහිදී, පතොරම් ගබඩා, ඉදිකිරීම් සහ එම පතුරම් ගබඩාවන් තුළ ආරක්‍ෂක කටයුතු පිළිබඳ දැනුවත් වූවේය. ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනාම පතොරම් ගබඩාවේ සංචාරයේ නිරතවූහ.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.