Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 22:19:27 Hours

මෙරට වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දින වාර්ථා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2672 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2659 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 755 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 323 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 234 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 1347 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (10) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,637 ක් වේ. අනෙකුත් පොකුරු සහ අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් ගේ සම්පූර්ණ සංඛ්‍යාව 35,293 ක් වේ.

අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අද (10) දින උදෑසන වනවිට, 29,230 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 125,905 ක් වේ. ඉන් පුද්ගලයින් 104,462 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (10) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 20,642 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1365 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (10) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් ගනේමුල්ල, බොඹුවල, නවුත්තුඩුව, මඩොල්කැලේ, බිබිල, ගල්කිරියාගම, වස්කඩුව, අම්පිටිය, රාගම, කුලියාපිටිය, පස්සර, නෑබොඩ, කොළඹ 07 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (10) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 76 ක් තුළ පුද්ගලයින් 6,285 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (09) දින හුදකලා තත්වයෙන් ඉවත් කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලුම ප්‍රදේශ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට තවදුරටත් එම හුදකලා තත්වයේම පවතී.