Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2021 18:03:04 Hours

521 වන බලසේනාවේ භටපිරිස් මාර්ග දෙපස පිරිසිදු කරති

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, ඩෙංගු පැතිරීම වැළැක්වීම සහ ශ්වසන ආබාධ ඇති කරන පරාග සහිත පඳුරු ඉවත් කිරීම සඳහා පසුගිය සඳුදා (03) දින ‘ශ්‍රමදාන’ ව්‍යාපෘතියක් යාපනය ප්‍රදේශයේදී ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා 521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මහේන් සල්වතුර ගේ සහයෝගය ද හිමිවූයේය. මෙම වැඩසටහනේදී 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අච්චුවේලි - පලාලි මාර්ගයේ කිලෝ මීටර් 8.5 ක දුරක් පිරිසිදු කළහ.

මෙම වැඩසටහන වෙනුවෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහ පුත්තූර් ප්‍රාදේශීය සභාවේ සාමාජිකයින්ගේ සහයෝගය ලැබිණි.