Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2021 18:15:37 Hours

‘හාර්ඩි’ තාක්‍ෂණ විද්‍යාලය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත සමාජයේ මෙම තීරණාත්මක අවස්ථාවේදී ජනතාවගේ පොදු අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ අධීක්‍ෂණය යටතේ අම්පාර ප්‍රදේශයේ පිහිටි ‘හාර්ඩි’ තාක්‍ෂණ විද්‍යාලය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

ඇඳන් 400 කින් සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් රජය ගනු ලබන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිකරනු ලබයි.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සිකුරාදා (7) දින එම ස්ථානයට ගොස් එම ගොඩනැගිලි සංකීර්ණය පරික්‍ෂා කර බැලුවේය.