Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2021 18:20:45 Hours

ධූරයෙන් නික්මයන සේනාංකාධිපතිට 11 වන සේනාංකයේ ගෞරවාචාරය

11 වන සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ලෙස රාජකාරී ඉටුකර සිය ධුරයෙන් මේජර් ජෙනරල් සාරද සමරකෝන් වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින කුණ්ඩසාලේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී සිදුවූ විශේෂ සිදුවීමක් ලෙස, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මීට වසර ගණනාවකට පෙර අණදෙන නිලධාරි ලෙස රාජකාරි ඉටුකරනු ලැබූ 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මේජර් ජෙනරල් සාරද සමරකෝන් ගේ නික්ම යාම වෙනුවෙන් පැවති උත්සවයේදී කඳවුරු මුරය සහ සම්මාන මුරය පිරිනැමීම සඳහා එක්වූහ.

අනතුරුව, සියලු නිලයන් ඇමතු මේජර් ජෙනරල් සාරද සමරකෝන් 11 වන සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ධූරය හෙබ වූ කාලය තුළ තමන් වෙත සහයෝගය දැක් වූ සියලු නිලයන් වෙත සිය කෘතඥතාවය පුද කර සිටියේය.

මෙම නික්ම යෑමේ උත්සවයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සවය සඳහා 11 වන සේනාංකයේ නිලධාරින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.