Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2021 18:27:19 Hours

122 වන බලසේනාවේ භටපිරිස් රෝහල් වාට්ටු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කරයි

12 වන සේනාංකය යටතේ ස්ථාපිත 122 වන බලසේනාවේ භටපිරිස් නුදුරේදී කොවිඩ් - 19 ආසාදිතයින්ගේ වර්ධනයක් සිදුවුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ අරමුණින් අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටු 3 ක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්ථනය කළහ. අම්බලන්තොට සහ හම්බන්තොට වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (07) දින මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට සමගාමීව 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ගේ සම්බන්ධීකරණය මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම රෝහල් වාට්ටු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්ථනය කිරීමේ කටයුතු සිදුකළහ.