Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2021 19:10:03 Hours

යුද්ධ හමුදාව විසින් වැඩිදියුණු කරන ලද භාරතීපුරම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනයට

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය මඟින් භාරතීපුරම් ප්‍රදේශයේ නිම කරන ලද අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කළේය. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ හදිසි වෛද්‍ය පහසුකම් හා වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමකින් සමන්විත වේ.

දින කිහිපයක් තුළ යුද්ධ හමුදාව මඟින් වැඩිදියුණු කරන ලද මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරන ලදී. ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති කොවිඩ් - 19 තෙවන රැල්ලේ ආසාදිතයින් හුදකලා කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව වෙතින් සිදුකරන වැඩපිළිවෙලට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි සහ සෞඛ්‍ය බලධාරින්ගේ සහභාගිත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (06) දින ආරම්භ කරන ලදී.

අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කර භාවිතයට ගන්නා අවස්ථාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි විසින් මෙම මධ්‍යස්ථානයේ තවදුරටත් වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය අනුග්‍රහය හා දායකත්වය පිළිබඳ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟින් සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ආර්.එන්. සර්වනභවන්, කිලිනොච්චි දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සුගන්දන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, එම සේනාංකයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වූහ.