Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2021 21:33:30 Hours

11 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ රාජකාරි අරඹයි

11 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස පසුගිය සිකුරාදා (07) දින එම සේනාංක මූලස්ථානයේ දී මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ රාජකාරි කටයුතු භාරගත්තේය.

උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි 11 වන සේනාංකයේ නව සේනාංකාධිපතිතුමන් වෙත 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව නව සේනාංකාධිපතිතුමන් සිය කාර්යාලය වෙත කැටුව යනු ලැබීය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සාමාජිකයින්ගේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියේය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතුවේය. මෙම උත්සවයේ වැඩකටයුතුවල අවසානය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විය. කොවිඩ් - 19 වෛරසය පැතිරීම හේතුවෙන් නව සේනාංකාධිපතිගේ උපදෙස් මත කඳවුරු සම්මාන මුරය ඇතුලු යුද්ධ හමුදා චාරිත්‍ර වාරිත්‍රයන් කිහිපයක් අඩු කරමින් මෙම උත්සවය පැවැත්විණි.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස සේවය කළේය. මීට පෙර 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් සාරද සමරකෝන් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්වූහ.